
ඩොලරයේ අගය ඉහළ යාමෙන් ජනතාවට දැඩි ආර්ථික පීඩනයක් එල්ලවන
බවත් භාණ්ඩාගාරය පිරී තිබේ නම් ජනතාවට සහන දිය යුතු බවත් සමගි ජන
බලවේග අවදාරනය කරනවා.
රටේ ආර්ථිකය ක්‍රමක් ක්‍රමයෙන් අර්බුදයකට ලඟා වෙමින් තිබෙන බව පවසන
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ආණ්ඩුව බැසිල්
රාජපක්ෂගේ ආර්ථික මාර්ගයම අනුගමනය කරනවාදැයි ප්‍රශ්න කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මේ බව කියා සිටියේ සමගි ජන බලවේග
ප්‍රධාන කාර්යාලයේ අද (05) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින්.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී
මුජිබර් රහුමාන් ........
‘‘පසුගිය සතියේ ඩොලරයේ අගය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබුණා.... වෙළඳ පොලට
ඩොලර් නිකුත් කිරීමේ හිඟතාවය හේතුවෙන් ඩොලරයේ අගය අසාමාන්‍ය ලෙස ඉහළ
ගොස් තිබුණා.... එය පාලනය කර ගැනීමට මහ බැංකුව වාණිජ බැංකුවලට ඩොලර්
ලබාදීම තුළ ඩොලරයේ අගය පහළ දමන්න කටයුතු කරනු ලැබුවා..... කෙසේ නමුත්
නැවත ඩොලරයේ අගය නැවත ඉහළ යමින් තිබෙනවා.... ඒ අනුව අද වනවිට ඩොලරය
339.50 දක්වා ඉහළ ගොස් තිබෙනවා....
ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් මිලියන 695 ක් වැනි විශාල මුදලක්
ආණ්ඩුවට ලබාදිම තුළද රුපියල ශක්තිමත් වෙලා නැහැ.... ඩොලරය ඉහළ ගොස්
තිබෙනවා.... ඒ වගේම ලංකාවේ වෙළඳපොල සම්බන්ධයෙන් තිබෙන විශ්වාසය බිඳ
වැටීම හේතුවෙන් විදේශ ශ්‍රමිකයින් ,අපනයනකරුවන් ශ්‍රී ලංකාවට ඩොලර් ගෙන්වීමේ
ප්‍රමාදයක්ද දකින්න ලැබෙනවා... ඒ වගේම ව්‍යාපාරිකයන් සහ අපනයනකරුවන් තුළ
වෙළඳපොල සම්බන්ධයෙන් තිබෙන අවිනිශ්චිතභාවය හේතුවෙන් මොවුන් ඩොලරයට
ලැබෙන රුපියල් ප්‍රමාණය වැඩි වේවි යැයි සිතා රඳවා තබාගෙන සිටිනවා.... මෙය
හොඳ තත්ත්වයක් නෙවෙයි...... මේ සම්බන්ධයෙන් අවබෝධයක් ඇතිව ආණ්ඩුව
වැඩකරනවාදැයි ප්‍රශ්නයක් තිබෙනවා.....
ඒ වගේම වාහන 1700 ක් ගෙන්වීම සඳහා ආණ්ඩුව ණයවර ලිපි ප්‍රධානය කරනු
ලැබුවා.... ජනාධිපතිවරයා මැයි 16 ගැසට් නිවේදනයක් නිකුත් කරන අතර මැයි
15 වැනිදා වාහන 1700 ක් සඳහා ණයවර ලිපි ප්‍රධානය කරනු ලබනවා.... කෙසේ
නමුත් මෙම වාහන ගෙන්විම සඳහා ඩොලර් මිලියන 200 කට වඩා වැඩි මුදලක්
වෙන් කර තිබෙනවා.... ඒ වගේම සිකුරාදා වැඩිපුර ණයවර ලිපි ප්‍රධානය කරන බව
නියෝජ්‍ය මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණා.....
එම ප්‍රකාශය සම්පුර්ණයෙන්ම අසත්‍ය කතාවක්... කෙසේ නමුත් වෙළඳපොල පිළිබඳව
සහ ආර්ථික තින්දු ගන්න නියෝජ්‍ය මුදල් ඇමැතිවරයාට ප්‍රායෝගික දැනුමක් නැහැ...
ප්‍රායෝගික දැනුමක් නොමැති නිසා අද වනවිට ඩොලරය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.....
ඒ වගේම මෙම වාහන 1700 ගෙන්වන්න කටයුතු කර තිබෙන්නේ ජනාධිපති අනුර
දිසානායක ගේ ගජමිතුරන්.... සුළං විදුලි බලාගර ඉදිකරන්න අවසර දුන්න , ගල් අඟුරු
ගෙන්න ඉඩ දුන්න පිරිසටයි වාහන ගෙන්වන්න අවසර ලබාදී තිබෙන්නේ.... රටේ
ආර්ථිකයේ ලාභ ප්‍රයෝජන ගනු ලබන්නේ ජනාධිපතිවරයාගේ ලඟින්ම සිටින පිරිස.
කෙසේ නමුත් අවසානයේදී මෙවැනි කටයුතු වලින් ඩොලරයේ ඉහළ යාම නිසා පීඩාවට
පත්වන්නේ රටේ අහිංසක මහජනතාව.... ආණ්ඩුවට ආර්ථික දැක්මක් නොමැති නිසා
සීඝ්රයෙන් රුපියන අවප්‍රමාණය වෙනවා.... ඒ වගේම රටේ සාමාන්‍ය ජනතාවට භාණ්ඩ
හා සේවා ලබාගැනීමට තිබෙන හැකියාව අවම වී තිබෙනවා... දරිද්‍රතාවය ඉහළ ගොස්
තිබෙනවා.... ඇති නැති පරතරය ඉහළ ගොස් තිබෙනවා.... ආර්ථික අහේනියක් කරා
ගමන් කිරිමේ පෙර නිමිති පෙනෙන්න තිබෙනවා.....
ඒ වගේම ව්‍යාපාරිකයන්ට වාණිජ බැංකුවල ණයවර ලිපි ප්රදානය කරන්න දෙන්නේ අත්‍යාවශ්‍ය භාණ්ඩවලට පමණක් බව මහබංකුව නිල නොවන වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා..... මේ බව මහබැංකුව වහාම ප්‍රකාශයක් නිකුත් කළ යුතුයි.... රටට ඩොලර් ගෙන ඒම නවතර වුවහොත් ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් විශාල ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.... ඒ වගේම ඩොලර් වෙළඳපොලට නිකුත් කරන ලෙස අපනයනකරුවන්ගෙන් සහ විදේශ ශ්රමකයින්ගෙන් ඉල්ලා සිටිනවා..... එසේ නොකළහොත් රටේ ජනතාවට ආර්ථික වශයෙන් දැඩි පීඩාවකට පත් වෙනවා.... ආණ්ඩුවේ වැරදි ආර්ථික තීන්දු නිසා රටේ ජනතාවට දැඩි දුකක් අනාගතයේදී විඳින්න සිදුවෙනවා.... ගජමිතුරු ආර්ථිකයන් නිර්මාණය නොකර ලෙසත් ජනාධිපතිවරයාගෙන් සමගි ජනබලවේගය ඉල්ලා සිටිනවා..... ඒ වගේම ගජමිතුරන්ට වාසි අත්කර දීමට ගොස් රටේ ආර්ථිකයේ කඩාවැටිමේ වගකිම ජනාධිපතිවරයා භාර ගත යුතුයි.... කෙසේ හෝ ආණ්ඩුවට ඩොලරයේ ඉහළ යාම පාලනය කර ගැනීමට නොහැකි වී තිබෙනවා... රාජපක්ෂවරුත් රටේ ආර්ථිකය පිළිබඳව සිතන ආකාරයටම වර්තමාන ආණ්ඩුවත් රටේ ආර්ථිකය පිළිබඳව සිතමින් තින්දු තිරණ ගැනීම රටට සුභදායක නැහැ.... ඒ වගේම රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය පියවරයන් සමගි ජනබලවේගය ලබා දුන්නත් ඒ සම්බන්ධයෙන් රජය අවදානය යොමු කළේ නැහැ.... ඒ වගේම ආණ්ඩුව කඩා වට්ටන්න කිසිදු දෙයක් සිදුකරන්නේ නැහැ.... රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම විශාල මැදිහත්විමක් සිදුකරන අතර මුදල් කාරක සභාව තුළත් එවැනිම මැදිහත්වීමක් සිදුකරන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා.....,මේ අවස්ථාවේ ආණ්ඩු පෙරලන්න නෙවෙයි රටේ ජනතාව ජිවත් කරවන්නයි කටයුතු කළ යුත්තේ...
ඒ වගේම භාණ්ඩාගාරය පිරි ඉතිරි ගොස් තිබෙන බව ජනාධිපතිවරයා පුන පුනා ප්‍රකාශ කරනු ලබනවා... එසේනම් ජනතාවට සහන ලබා දෙන්න ජනාධිපතිවරයාට හැකියාවක් තිබෙනවා.... නමුත් ආණ්ඩුව ජනතාවට කිසිදු සහනයක් ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ... ජනතාව ගෙවන සෑම බදු මුදලකින්ම භාණ්ඩාාගාරය ශක්තිමත් වෙනවා.... ඒ නිසා ජනතාවට අපහසු අවස්ථාවල ජනතාවට සහන ලබාදෙන්න ජනතාවාදි ආණ්ඩුවක් කටයුතුකළ යුතුයි..... ඒ වගේම රටක ආර්ථිකය කළමනාකරණය කිරීමේදී ක්ෂණික තින්දු තිරණ ගැනීම සිදුනොකළ යුතුයි.... ආර්ථිකය සම්බන්ධයෙන් ක්ෂණික තින්දු තිරණ ගැනීම බැසිල් රාජපක්ෂ හිටපු මුදල් ඇමැතිවරයාත් සිදුකළා.... අවසානයේදී රටේ ආර්ථිකය දරුණු ලෙස කඩාවැටීමකට ලක් වුණා.... වර්තමාන ආණ්ඩුවත් බැසිල් රාජපක්ෂ හිටපු මුදල් ඇමැතිවරයා අනුගමනය කළ ක්‍රියාමාර්ග අනුගමනය කරනවාදයි සැකයක් තිබෙනවා.... ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ඩොලර් ලැබෙන විට රුපියල ශක්තිමත් විය යුතුයි.... නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් විශාල ඩොලර් ප්‍රමාණයක් ලැබිලත් රුපියල ශක්තිමත් වීම සිදුවෙලා නැහැ.... නමුත් ඩොලරය ශක්තිමත් වෙලා තිබෙනවා.... ආර්ථික කළමනාකාරිත්වය නිසියාකාරව සිදු නොකිරිම නිසා ව්‍යාපාරිකයන්ට වෙළඳපොල සම්බන්ධයෙන් තිබෙන විශ්වාස බිඳවැටෙනවා... එය ආර්ථික වශයෙන් රටට විශාල බලපෑමක් එල්ල වෙනවා..... මෙම තත්ත්වය සමනය කරන්න ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුයි.... කෙසේ නමුත් රටේ ආර්ථිකය ක්‍රමක් ක්‍රමයෙන් අර්බුදයකට ලඟා වෙමින් තිබෙනවා..... ඩොලරය ඉහළ යාම නැවතිලා නැහැ... එය රටේ ජනතාවට විශාල ලෙස බලපා තිබෙනවා. එය කළමනාකරණය කර ගන්නේ කෙසේ දැයි තිරණය කිරිම වැදගත් වෙනවා.... ගැලරිය සතුටු කිරිමෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපහසුයි.... යථාර්තය තේරුම්ගෙන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව වැඩ කටයුතු කළ යුතුයි... නමුත් ජනතාව ප්‍රායෝගිකව ජනතාව මුහුණ දෙන කිසිදු ප්‍රශ්නයකට ජනාධිපතිවරයාගේ සුරංගනා කතා වලින් විසදුමක් ලබා ගැනීමට නොහැකියි... ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට වහාම ක්‍රියාමාර්ග ගැනීම වැදගත් වෙනවා.‘‘